බදුරලිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ස්කොට්ලන්තය පරදවති


ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත සංචාරක ස්කොට්ලන්ත පිල සහ බදුරලිය ක‍්‍රිකට් සමාජ පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 ක‍්‍රිකට් තරගයෙන් බදුරලිය ක‍්‍රීඩකයෝ ලකුණු 22 ක ජයක් ලැබූහ. ස්කොට්ලන්ත පිල පළමු තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පිලට එරෙහිව කඩුලූ 4 ක ජයක් ලැබීය. බදුරලිය පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (යශෝධ ලංකා 20, අමිල වෙත්තසිංහ 23, ශාලික කරුණානායක 26, නිලූෂාන් නෝනිස් 28, රෝයි ද සිල්වා නොදැවී 18, ආර්. බිර්ඉන් 17/2) ස්කොට්ලන්ත පිල  ඕවර 18.4 කදී 117 (සී. මැක්ලියොඞ් 26, පී. මොම්සොන් 27, එස්. වාට්ටි 18, දිනේෂ් දර්ශනප‍්‍රිය 16/4, අලංකා අසංක 16/2, රොෂාන් ලක්සිරි 31/2) බදුරලිය කි‍්‍රකට් කණ්ඩායම