දින හතරක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල යළි විවෘත කරන්නැයි ඉල්ලමින් අද දහවල් ඇරැඹූ උපවාසයට පොලිසියෙන් පහර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මීට ටික වේලාවකට පෙර පැවසී.
පහර දීමට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන් පැමිණි බව ද ඒ මහතා කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියනුයේ එවැනි පහරදීමක් සිදුවී නැති බවට බදුරලිය පොලිස් ස්ථානාධිපති තහවුරු කළ බවයි.
කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා ‘එසැණට‘ පැවසුවේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රයක් තිබී ඉවත් කළ බවයි. කිසිදු ගැටළු කාරී තත්ත්වයක් මතු නොවූ බව ද ඒ මහතා කීවේය.