බදු සල්ලි වළ පල්ලට


ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග‍්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා ඇත. හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචර්ඞ් පතිරණ මහතා මෙම බස් පර්යන්තය 1995 ජුනි මස 04 වැනි දින විවෘත කෙළේය. කොග්ගල නිදහස් වෙළද කලාපයේ  සේවකයන් වෙනුවෙන් ද හම්බන්තොට මාතර ගාල්ල කොළඹ දුරගමන් මඟීන් වෙනුවෙන් ද මෙම සේවය ඇරැඹිණි. එම කලාපයේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසකට ගමන් පහසුව සපයන බස් දැන් තැන තැන  නතර කැරෙයි.