ශ්‍රී ලංකාවේ ඇමැතිවරයකු ලන්ඩනයේ හීතෘෘ ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයට පිවිසෙන හැම විටකම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නා පවුම් 1750 ක් ගෙවිය යුතුවේ. එය රුපියල් වලින් නම් තුන්ලක්ෂ පනස්දහසකි.
ප්‍රභූ පර්යන්තයේ කාමරයට ද ලබාගන්නා පහසුකම්වලටද ඒ මුදල වැයවේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඒ මුදල ගෙවයි. පසුව කොළඹට බිල එවයි.
මහා භාණ්ඩාගාරයේ අනුමැතියෙන් බදු ගෙවන්නා පිට ඒ බරද පැටවේ.

