බදු අභියාචනා කොමිසම ඈවරයි:කෝටි එකොළොස් දාහක් වතුරේ


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පවතින හෙයින් බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

එම කොමිසම අහෝසි කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම කොමිසම පසුගිය අවුරුදු දෙකටම එකම නඩුවක් හෝ පවරා නැතැයි පැවසූ රාජපක්ෂ මහතා එය බරපතළ කාරණයක් බවද පෙන්වා දුන්නේය.

අභියාචනා විමසීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 11,700 කට වැඩි හිඟ බදු අයකර ගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.