අමාත්‍ය රිෂාද් බදියිර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (අහිල ඉලංගෙයි මහජන කොංග්‍රස්) පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත්වු එම්.සුබායිදීන් මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම පක්ෂයේ මහලේකම් යූනුස් ලෙබ්බේ සාවුල් හමීඩ් අද(20) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
ඉකුත්දා එම පක්ෂයේ මහ සභා රැස්වීම් වලදී නව මහලේකම්වරයා පත් කර ගැනීම නීතිවිරෝධී සහ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවත්, එබැවින් එම මහ සභා රැස්වීම් වල තීන්දු තීරණ අවලංගු කරමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පැමිණිල්ලේ සඳහන් වේ.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය (අහිල ඉලංගෙයි මහජන කොංග්‍රස්) නායක අමාත්‍ය රිෂාද් බදියුර්දීන්,එහි ජාතික සංවිධායක,ඇතුළු 15 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

