බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම්


(නිමන්ති රණසිංහ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ  විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(14) නියෝග කළේය.

ජනාධිපති මැතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ජනතාව රැගෙන ගියේ යැයි කියන සිද්ධියකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඒ අනුව, එම විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා වෙතද අධිකරණයෙන් දන්වා යවා තිබේ.