බදාදා හිරු සැඟවෙයි


මෙම වසරේ පළමු සූර්යග‍්‍රහණය බදාදා (9) දිනයේදී දැකගැනීමට හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය වන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම සූර්යග‍්‍රහණය අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙස බදාදා පෙරවරු 6.47 සිට මඩකලපුව, මහනුවර, ගාල්ල ඇතුළු මෙරට නැගෙනහිර භාගයට දිස්වන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

නැගෙනහිර ආසියාවේ තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලටද එය දිස්වන බව ද ඔහු කීවේය.