
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දූපතේ ධීවර වාඩියක සඟවා තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කේරලගංජා තොගයක් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ කිලෝ 31, ග්‍රෑම් 500ට ආසන්න කේරල ගංජා තොගයක් බව කියයි.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඉන්දියාවේ සිට බෝට්ටු යාත්‍රාවක් ආධාරයෙන් රැගෙනවිත් මෙම දූපතේ සඟවා තිබියදී නාවික හමුදා බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ගංජා තොගය කිලෝ 1 ප්‍රමාණයේ ඇසුරුම්වල බහා පොලිතීන් ආවරණ වල යොදා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති බව කියයි.
අදාල ගංජා තොගය නාවික හමුදා නිලධාරින් විසින් කල්පිටිය පොලිසියට බාරදීමට කටයුතු කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.



