බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට බෝට්ටු සේවයක්


බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ  බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

මාර්ග තදබදය නිසා මෙම සේවය ආරම්භ කළ බවත් පැකේජ තුනක් යටතේ දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහි ගමන් කළ හැකි බවත් ඒ මහතා කියයි.

ඇළ මාර්ගය දෙපස අඳුන් දිවියන්,කිඹුලන් හා මෙරට ආවේණීක කුරුල්ලන් ඇතුළු සතුන් සිටින බව කී ඉද්දවිල මහතා මේ වසර අවසානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් කරයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවය ආරම්භ කරන බව ඒ මහතා කියයි.

20170208_163338 20170208_163808 20170208_165921 20170208_173757