බත් - කොත්තු මිල බහියි


(යොහාන් භාසුර)

බත් පාර්සලය, කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල මිල සියයට 20 කින් ද, තේ එකක මිල රුපියල් 10 කින් ද, අඩු කරන බවත් එම නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (5) පැවසීය.

ගෑස් මිල අඩු කිරීමේ සහනය පාරිභෝගිකයන්ට දෙමින් රුපියල් 500 ක්ව පවතින කොත්තුවෙන් රුපියල් 100 ක් ද, රුපියල් 300 ක බත් පැකට්ටුවෙන් රුපියල් 60 ක් ද, ප්ලේන්ටියෙන් රුපියල් 10 කින් අඩු කර රුපියල් 30 ක් ද, වන බව ද කී අසේල සම්පත් මහතා එම සහනය ජනතාවට දීමට ආපනශාලා වාහාම කටයුතු කළ යුතු බව ද සදඟන් කළේය.