බණ්ඩාරවෙල රෙජිස්ට්‍රාර් ගංජා ගෝනියක පැටලෙයි


බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවියේ ලේඛකාධිකාරීගෙන් සැකපිට ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. අද නඩු භාණ්ඩ වෙන්දේසියකින් පසු කිලෝ 2ක ගංජා ගෝනියක් අස්ථාන ගත වීම ඊට හේතුව බව පොලිසිය පවසයි. එම ගංජා ගෝනිය ත්‍රිරෝද රියක පටවා තිබු බවත් පොලිසිය සඳහන් කරයි.

ලේඛකාධිකාරීවරයා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමේ ඉඩ කඩ වැඩි බව පොලිසිය කියයි.