බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම තාවකාලිකව නතර කෙරේ


 

‍(සමන් පාලිත නානායක්කාර)

මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම යළි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (23) පැවසුවේය.

මේ පිළිබඳව වෙළඳුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද නිශාන්ත මහතා පැවසීය.

වැල්ලවාය, වැලිමඩ සහ හපුතලේ ප්‍රදේශවල සිට එළවළු රැගෙන වෙළෙන්දන් විශාල පිරිසක් බණ්ඩාරවෙල ඉරිදා පොලට පැමිණෙන අතර විශාල පාරිභෝගික පිරිසක්ද බණ්ඩාරවෙල ඉරිදා පොළට පැමිණීම නිසා මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් විය යුතු බවයුතු බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.