බණ්ඩාරනායන ගුවන් ශිෂ්‍ය භටයෝ දිවයිනේ මුල් තැනට


දියතලාව ගුවන් හමුදා කඳවුරේ පැවැති  ගුවන් හමුදා ශිෂ්‍ය භට තරඟාවලියේ දී බාලක අංශයෙන් සමස්ථ ලංකා පළමු වැනි ස්ථානය දිනා ගැනීමට හත්වැනි බලඇණිය නියෝජනය කරමින් සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ගුවන් හමුදා ශෂ්‍ය භට ඛණ්ඩය සමත් විය.

හත් වැනි බලඇණිය නියෝජනය කරමින් ගිය හේනේගම මධ්‍ය විද්‍යාලයය දෙවැති තැන දිනා ගත් අතර නව වැනි බලඇණිය නියෝජනය කරමින් ගිය තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයයට තුන් වැනි තැන හිමි විය.

දිවයිනේ බලඇණි 24ක් නියෝජනය කරමින් ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩ 40ක් මේ තරගාවලියට සහභාගී විය. සතියක් පුරා පැවැති නේවාසික කදවුර අවසන් වූයේ  විසිර යෑමේ පෙළපාළියෙන් අනතුරුවය.

පාසලේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වයක් නිසා සමස්ත ලංකා බාලක පළමු වැනි තැන හිමිකර ගත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට කණ්ඩායම කඳවුරට සහභාගී වූයේ දිනයක ප්‍රමාධයකිනි. 

2011 වසරේ ඇරැඹි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2012 වසරේද සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත්තේය.

පසුගිය දිනවල බණ්ඩාරනායක විද්‍යාලයයේ නොසන්සුන්කාරී තත්ත්වය නිසා සෙසු ශිෂ්‍ය භට ඛණ්ඩායම් තාවකාලිකව අත්හිටවනු ලැබූවත් ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩයට එම තහනම බල නොපෑවේය.