සිසු නොසන්සුන්තාවක් නිසා දින නියමයක් නැතිව ගිය සඳුදා (3) වසා දැමුණු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය අද යළි විවෘත විය.
6-9 ශ්‍රේණිය දක්වා පන්තිවල සිසුහු මව්පියන් ද සමග අද පාසලට ආහ. විද්‍යාලයය අවට පොලිස් ආරක්ෂාව ද යොදා තිබුණු අතර කිසිදු ගැටළුවන් නැතිව පාසලේ වැඩකටයුතු කෙරීගෙන යයි.
පාසලේ ඇති වූ කලබලය ශිෂ්‍ය භටයන්ගේ මෙහෙයවීමෙන් සිදු කළ බවට චෝදනා එල්ල වූ අතර පසුව හෙළි වූයේ ශිෂ්‍ය භටයනට විදුහල්පති සම්බන්ධයෙන් බොරු තොරතුරු සපයා පාසලේ ගුරුවරුන් දෙදෙනකු මේ කලබලය ඇති කර තිබුණු බවයි.
ගුරුවරුන් දෙදෙනකුගේ බහට මුලා වී තමන් අතින් සිදුවූ වරද පිළිගත් ශිෂ්‍ය භටයන් පාසලේ වැඩකටයුතු සාර්ථවක කර ගෙන යෑමට විදුහල්පතිට සහාය ලබා දීමට නියමිතය.
10-11 ශ්‍රේණි අනිද්දා (12) ද, 12 ශ්‍රේණිය ලබන සඳුදා (17) ද, 13 ශ්‍රේණිය ඉන් පසුව ද ආරම්භ වීමට නියමිතය.

