ගම්පහ බණ්ඩාරනායක විදුහල සංවිධානය කළ ස්වර්ණ පුත්‍ර ප්‍රණාම සම්මාන උළෙල එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවැත්විණි.
ගම්පහ බණ්ඩාරනායකයෙන් බිහි වූ විවිධ ක්ෂේත්‍රයන්හි අද්විතීය සේවයක් ඉටු කළ බණ්ඩාරනායක ආදි විද්‍යාර්ථයින් 15 දෙනෙකුට ජීවිතයට එක්වරක් පමණක් හිමිවන මෙම සම්මානය පිරනැමිණි.
දේශපාලන ක්ෂේත්‍රය වෙනුවෙන් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස, වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මහාචර්ය එච්.එස් දොඩම්පහල සහ විශේෂඥ වෛද්‍ය ජගත් නිශාන්ත කුලතිලක යන මහත්වරුන්ටද රාජ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් පුෂ්පකුමාර නිශ්ශංක සහ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් වසන්ති මංචනායක මහත්ම මහත්මීන්ටද , ජාතික ආරක්ෂාව යටතේ රියාල් අද්මිරාල් ජේ.ඒ ඩග්ලස් ඒ පෙරේරා මහතා ටද, අධිකරණ හා නීති ක්ෂේත්‍රය වෙනුවෙන් මහාධිකරණ විනිසුරු අරුණ රණසිංහ මහතාටද, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිළුමිණ ප්‍රධාන කතෘ ප්‍රවීන මාධ්‍යෙව්දී කරුණාදාස සුරිය ආරච්චි, ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපුල රත්නසිරි සහ ප්‍රවීන නිවේදක වසන්ත රෝහණ යන මහත්වරුන්ටද, පෞද්ගලික මුල්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඒෂියන් එලයන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්චි මහතා ටද, ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර, රංජිත් ප්‍රේමරත්න, සමීර දිසානායක යන ක්‍රීඩකයෝද මෙහිදී ස්වර්ණ පුත්‍ර සම්මානයෙන් පිදුම් ලැබුහ.
වසර අනුහයක ස්වර්ණමය අස්වැන්න ‘බණ්ඩාරනායකයේ අපි‘ සහෝදරත්වයේ අත්වැල මෙහි තේමාව විය.
විදුහලේ සමස්ථ ඉතිහාසය තුළ බිහිවු විද්‍යාර්ථයින් එක්රැස් කොට ඔවුන්ගෙන් විදුමවටත්, සියනෑ කෝරළයේ මහජනතාවටත් සමස්ථ ලාංකීය ප්‍රජාවටත් සේවා සැපයීම තුළින් විදුහලේ කීර්තිනාමය ඉහළ නංවාලීම සහ ප්‍රජා සත්කාරක සේවාවන් සමාජ වගකීම ඉටුකිරීම මෙහි අරමුණ විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, එච්.ආර් මිත්‍රපාල, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, උපේක්ෂා ස්වර්ණමාලි, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්ම මහත්මීන් ද විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලයද සහභාගී වුහ.
(අධ්‍යාපන - මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මහතා)
වෛද්‍ය - මහාචර්ය එච්.එස් දොඩම්පහල මහතා
විශේෂඥ වෛද්‍ය ජගත් නිශාන්ත කුලතිලක මහතා
රාජ්‍ය - නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් පුෂ්පකුමාර නිශ්ශංක මහතා
නියෝජ්‍ය ආදායම් කොමසාරිස් වසන්ති මංචනායක මහත්මිය
ජාතික ආරක්ෂාව - රියාල් අද්මිරාල් ජේ.ඒ ඩගලස් ඒ පෙරේරා මහතා
අධිකරණ හා නීති ක්ෂේත්‍රය - මහාධිකරණ විනිසුරු අරුණ රණසිංහ මහතා
මාධ්‍ය - සිළුමිණ ප්‍රධාන කතෘ කරුණාදාස සුරියආරච්චි මහතා
ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපුල රත්නසිරි මහතා
ප්‍රවීන නිවේදක වසන්ත රෝහණ මහතා
පෞද්ගලික මුල්‍ය - ඒෂියන් එලයන්ස් ෆිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්ච් මහතා
ක්‍රීඩා - රංජිත් ප්‍රේමරත්න මහතා
ප්‍රවීන වොලිබෝල් ක්‍රීඩක සමීර දිසානායක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකරට හිමි සම්මානය ඔහුගේ සොයුරු කෝසල කුලසේකර විසින් ලබා ගත් අවස්ථාව
අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට හිමි සම්මානය ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලබා ගත් අවස්ථාව

