බණ්ඩාරගම සිරුරු දෙක හඳුනාගනී


බණ්ඩාරගම දැල්කඩ පුරන් වෙල් යායක් අසළ පාළු පෙදෙසක මරා දැමුණු චන්දිම රුවන්රත්න (28) , සුජිත් ගුණරත්න (37) මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්දාරාම විහාරයට යාබද ඉඩමේ පදිංචිකරුවන් බව පොලීසිය ද නෑදෑයෝ ද කියති.

අත්පා ලනුවලින් ද, මුහුණු තුවායකින් ද බැඳ හිසට වෙඩි තබා ඝාතනය කළ ඔවුන් පෙර දින රාත්‍රියේ පන්සලට පැමිණි දෙදෙනකු ලෙස හදුනා ගත් බව පැවසේ. දෙදෙනාගේම ඇඟේ  පච්ච කොටා තුබූ බවත්, එය් අයකු මාසයකට පෙර හිරෙන් නිදහස් වී ආ බවත් දැනගන්නට ඇත.