පොලිස් අත්අඩංගුවේ සිටි සැකකාරියකට පැන යෑමට ඉඩ දුන්නැයි සැකපිට බණ්ඩාරගම පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපති, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
සැකකාරිය පොලිසියේ බංකුවක් උඩ නිදා සිටි බවත්, පසුදා උදේ බලන විට ඇය නොසිටි බවත් කියති.

