බණ්ඩාරගම ප්‍රා. සභාවෙන් සද්කාර්යයක්


බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සංවිධානය කළ ගැබිණි මව්වරු 200කට ආසන්න පිරිසකට රුපියල් 1500 පමණ වටිනා වියළි ආහාර මල්ලක් බැගින් ලබාදීමේ වැඩසටහන අද (2) බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවැත්විණි.

මහා සඟරුවන පැමිණ පිරිත් සජ්ඣායනා කරමින් ගැබිණි මව්වරුන්ට ආශිර්වාද කළ අතර ඔවුන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරීමට නර්තනාංග ආදියද සංවිධානය කර තිබුණි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් සංජය මහතාගේ අදහසක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරී නිශ්ශංකද සිල්වා , බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක නිමල් චන්ද්‍රරත්න යන මහත්වරු ඇතුළු පිරිස එයට සහයෝගය ලබාදුන්හ.

DSC08145 DSC08149 DSC08160 DSC08186 DSC08192 DSC08197 vlcsnap-2015-05-02-12h04m16