
(ගයාන් සූරිය ආරච්චි)
සංවිධානාත්මක සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් බඩෝ විට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ දෙහිවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙහිවල, ඔබන් ප්‍රදේශයේ පදිංචි 45 සහ 35 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
එම සැකකාරියන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 92,300 ක මුදලක්ද , ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක්, පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය මොරටුව කඳවුරේ විශේෂිත මෙහෙයුම් අංශය iii නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවාය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි

