බඩගින්න ඉවසන්න බැරිව කෑම ගබඩාවට පැනලා


පානදුර ළමා නිවාසයක ගැහැණු ළමයින් හය දෙනකුට එරෙහිව පාලිකාවක කළ පැමිණිල්ලක දී එම දැරියන් කියා ඇත්තේ ළමා නිවාසයේ තමන්ට හරි හැටි කෑම නොදෙන බවයි.

බඩගින්න ඉවසාගත නොහැකි නිසා ගබඩා කාමරයයේ දොර ඇර කෑම හදාගෙන කෑ බව ඔවුන් කියා ඇත.

පාලිකාවගේ පැමිණිල්ල සහ ළමයින් කියන කතාව අධිකරණයට යොමු කරන බව පොලිසිය කියයි.