බඩගමු ඝාතනයේ හතරක් හඳුනා ගැනේ?


පසුගිය පස් වැනි දා කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුවේ තිදෙනකු ගැන පොලිසියේ අවධානය යොමු වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

සිද්ධියෙන් බේරුණු කොස්තාපල්ගේ ගම් ප්‍රදේශය වන ගල්ගමුවේ පදිංචි පුද්ගලයකු ද මෙම ඝාතනයේ වැදග් තොරතුරු දනිතියි පොලිසිය කියයි.

ඔහු ආරක්ෂක අංශයකට සම්බන්ධදැයි පොලිසිය සොයයි.

ඝාතනයට හේතුව ද සොයාගෙන ඇති බව දැනගන්නට ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි.