බටුවත්තෙන් අධිවේගය යන්නේ නෑ


නාරංගොඩපාළුව සහ වල්පොළ බටුවත්ත හරහා ඉදිකිරිමට යෝජිත  උතුරු අධිවේගි මාර්ගයට විරෝධය පළකරමින් වල්පොළ ගම්වැසියෝ අද උදෑසන පැවැත්වු  විරෝධතාවයට අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැමිණ කියා සිටියේ වල්පොල බටුවත්ත හරහා මෙම අධිවේගී මාර්ගය ඉදිනොවන බවයි

එසේ වුවහොත් තමා දේශපාලනයෙන් ඉවත්වන බවත් ඔහු කිවේය

ඇමති එන විට  ඔවුහු දුම්රිය මාර්ග මැද ටයර් පුළුස්සමින් සිටියහ.

උදෑසන ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය තුනකට ද  මෙම හේතුවෙන්  ගමන්වාර නැවැත්වීමට සිදුවීය