බටහිර දෙන්නෙකුත් ලංකා පහනේ එළිය බලන්න හදලා


ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට  ගොස් දේශපාලන රැකවරණය ලබාගැනීමට කුට උත්සාහයක යෙදුණුබව කියනඇමෙරිකා හා ඕලන්ද බෝට්ටුවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ගමන්කළ බව ඕස්ට්‍රේලියා බලධාරීන් සොයාගත් බව ඇසොසිඑටඩ් ප්‍රෙස් වාර්තාවක් උපුටා දක්වන ලාස් වෙගාස් සන් පුවත්පත වාර්තා කර ඇත.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා ඇමෙරිකා සහ ඕලන්ද ජාතිකයින් බවත් පසුගියදා පැවැති ඕස්ට්‍රේලියානු මැතිවරණය සමයේ මුහුදු සිමාවේ ආරක්ෂක කටයුතු තරමක් දුරට ළිහිල්කිරීමට සිදුවීම උපයෝගී කරගනිමින් මෙම බෝට්ටුව ඕස්ට්‍රේලියා මුහුදු කලාපයට ඇතුළුවීමට උත්සාහ කරන ලද බවත් එහි දැක්වෙයි.

ලුකි ටොහල්සන් යන ජොවල් වෑන් හූඩට්‌ නැමැති මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සතුව වීසා බලපත් තිබූ බව ඕස්‌ට්‍රේලියානු බලධාරීහු පවසති.

මැතිවරණයෙන් ජග්‍රහණය කල නව ඕස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ආබට්‌ සැපයුවේ ව්‍යාජ සරනාගතයන් රැගත් බෝට්‌ටු කිසිදු සමාවකින් තොරව ආපසු හරවා යවන බවයි.