බටකැත්තර මඩපාත එස් ඇන්ඩි ඩී සමාගමේ වසා තැබීමේ වාරණය කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 22 වැනිදා තෙක් කල් තැබීය.
කම්හලේ රසායන ද්‍රව්‍ය ඉවත් කැර ගැනීමේදී පොලීසිය පරිසර අධිකාරිය හා අගතියට පත් පාර්ශවයේ නීතීඥවරුන්ගේ සහභාගීත්වයද අවශ්‍ය බව මහේස්ත්‍රාත් නියෝග කළේය.
කම්හලේ එතනෝල් ඉවත් කළ යුත්තේ සුරා බදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලත් නිලධරයකු ඉදිරිපිටදී යැයිද මහේස්ත්‍රාත් පැවසීය.