බක් සඳ අඩක් වැසේ


මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රී 11.34 ට ආරම්භවන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. හෙට අලුයම 1.37 ට එහි උපරිම අවස්ථාව දක්නට ලැබෙන බව ද එහිදී ස‍‍‍ඳෙන් අඩක් වැසී තිබෙනු දැකිය හැකියැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් වන මෙය ආසියාවේ රටවලට මෙන්ම, යුරෝපයේ, අප්‍රිකාවේ රටවලට මෙන්ම ඕස්ට්‍රේලියාවේ රටවලට ද දර්ශනය වීමට නියමිතය.