ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිවා/රාත‍්‍රි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 259 ක් රැුස්කිරීමට සමත් විය.
බංග්ලාදේශය වෙනුවෙන් තමිම් ඉක්බාල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ ක‍්‍රීඩකයකු රැස්කළ පළමු ශතකය වාර්තා කළේය. මීට පෙර 2010 වසරේ ඩකාහිදී ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 92 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉළතම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය.
තමිම් ඉක්බාල් පන්දු 136 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 112 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය.
බංග්ලාදේශ පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 259
(තමිම් ඉක්බාල් 112, එනමුල් හක් 13, මහුමුදුල්ලා 29, නසීර් හොසේන් නොදැවී 73, ඇන්ජලෝ මැතිව්ස් 36/2, ලසිත් මාලිංග 51/2)
(ඡයාරූප: ශාන්ත රත්නායක)