ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය. මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලියද 1-1 ක් ලෙසින් සමකිරීමට සංචාරකයෝ සමත් වූහ. ලකුණු 34 කට කඩුලු 3 ක් ලබාගත් ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව පස්වැනි ක්‍රීඩකයා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයාද විය.
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 176.
ශ්‍රී ලංකාව ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 131 යි.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

