බංග්ලාදේශය කෙටි තරගවලදී වඩාත් භයානක කණ්ඩායමක්


ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (23) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (23) පෙවරුවේ සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැති පුහුණු සැසියෙන් පසුව පැවසුවේ බංග්ලාදේශ කණ්ඩායම විශේෂයෙන්ම කෙටි තරගවලදී සැහැල්ලූවට ලක්කර නොහැකි වඩාත් භයානක කණ්ඩායමක් බවයි.

”ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙරත් මම මෙය කිව්වා, බංග්ලාදේශ කණ්ඩායම පසුගිය වසර කීපයේ හො`දින් ක‍්‍රීඩා කළ කණ්ඩායමක්, දිනයක් ඔවුන්ගේ දිනය වුවහොත් ජයග‍්‍රහණය දක්වා යෑමේ ශක්තිය ඔවුනට තියෙනවා”

”අපේ කණ්ඩායම ඉතාමත් හොද කණ්ඩාමක්, සංගක්කාර සහ ඩිල්ෂාන් ඉන්නවා. ඒ වගේම මාලිංග සහ නුලසේකර වේග පන්දුයවන්නන් ලෙස ක‍්‍රීඩා කරනවා. ඒ නිසා එක්දින තරගාවලිය ජය ලැබීමට අපිට හොද අවස්ථාවක් තියෙනවා”

තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ මහේල ජයවර්ධනගේ ආබාධවල තත්ත්වය පිළිබ`දව ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසීය.
”ඩිල්ෂාන් මේ වන විට සම්පූර්ණ සුව ලබා මේ තරගයට ක‍්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. නමුත් මහේල ජයවර්ධන පළමු තරග දෙකට ක‍්‍රීඩා කරන්නේ නෑ”

ශ‍්‍රී ලංකා නායකයා පැවසුවේ අද තරගයට ක‍්‍රීඩා කරන අවසන් 11 දෙනා මේ දක්වා නම් කර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සමග නව ක‍්‍රීඩකයන් සංකලනය කිරීමේ අභියෝගයට මේ වන විට හොදින් මුහුණ දෙමින් සිටින බවයි.

කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ යන නවක ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත්ව සිටිය ද අවසන් 11 දෙනාට ඇතුළත්වීමට ඇති ඉඩ කඩ අඩු බව වාර්තා වේ. ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන කිත්රුවන් ඊයේ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු පෙළ තරගයට සහභාගි විය.

ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් අද තරගයේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණීමට සූදානමින් සිටින අතර සචිත‍්‍ර සේනානායක පිට දග පන්දුයවන්නා ලෙස ක‍්‍රීඩා කිරීමට නියමිතය.  

බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆීකුර් රහීම් ඊයේ පස්වරුවේ පුහුණු සැසියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ තම කණ්ඩායම පසුගිය වසර කාලය තුළ ඉතාමත් හොදින් ක‍්‍රීඩා කර ඇති බවත් ප‍්‍රබල ශ‍්‍රී ලංකා පිලට එරෙහිව ක‍්‍රීඩා කිරීමට ලැබීම හොද අවස්ථාවක් බවත්ය.

එක්දින තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයට හිටපු නායක මොහොමඞ් අෂ්රාෆුල් ඇතුළත්වීම පිළිබදව රහීම් මෙසේ පැවසීය.

”ඔහු අත්දැකීම් ඇති ක‍්‍රීඩකයක් ඒ වගේම ඔහු ලකුණු අතර සිටිනවා, ඒ පිළිබදව සතුටු වෙනවා. අෂ්රාෆුල් පැමිණිමෙන් පිතිකරු ලැයිස්තුවේ ශක්තිමත් වුණා, ඔහු බොහෝ විට අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙයි. ඒ වගේම තරගයක් ජය ලබන්න නම් අපිට හොද ආරම්භයක් අවශ්‍යයි”

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරග 30 ක් පවත්වා ඇති අතර ශ‍්‍රී ලංකාව තරග 27 ක් ජය ලබා ඇති අතර බංග්ලාදේශයට ජය ලැබිය හැකි වී ඇත්තේ තරග 3 ක් පමණි.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් වරට බංග්ලාදේශයේදී පසුගිය වසරේ මාර්තු මස පැවැති ආසියානු කුසලාන තරගාවලියේ තරගයේදී බංග්ලාදේශය කඩුලූ 5 කින් ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සචිත‍්‍ර සේනානායක, උපුල් තරංග, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ශාමින්ද එරංග සහ සචිත් පතිරණ

බංග්ලාදේශ සංචිතය:
මුෂ්ෆීකුර් රහීම් (නායක), අබ්¥ර් රසාක්, අබුල් හසන්, එනමුල් හක්, ජහුරුල් ස්ලාම්, මහුමුදුල්ලා, මොහොමඞ් අෂ්රාෆල්, මොමිනුල් හක්, මොෂර්රාෆ් හොසේන්, නසීර් හොසෙන්, නෂුමුල් හොසේන්, රුබෙල් හොසේන්, සොහගි ගොසි, තමීම් ඉක්බාල් සහ ෂියුර් රහමන්

(ඡයාරූපය: ශාන්ත රත්නායක)