බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ මුෂ්ෆිකුර් රහීම් ඇතුළු බංග්ලාදේශ කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 638 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මවිතයට පත්කිරීමට සමත් වූහ.
අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 116 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශ පිලේ වාසිය අවලංගු කරමින් කඩුලූ 9 ක් අතැතිව ලකුණු 48 ක් පෙරට පැමිණ සිටියේය.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 116
(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 63, කුමාර් සංගක්කාර නොදැවී 49)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 196 කදී සියලූ දෙනා දැවී 638
(මොහෙම්ඞ් අෂ්රාෆුල් 190, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් 200, නසීර් හොසේන් 100, නුවන් කුලසේකර 94/2, ශාමින්ද එරංග 122/2, රංගන හේරත් 161/2, අජන්ත මෙන්ඩිස් 152/2, තිලකරත්න ඩිල්ෂාන් 75/2)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)