බංග්ලාද්ශ පළමු ඉනිම 240 යි


ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 1 ක් දැවී ලකුණු 18 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම ලකුණු 240 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 83.3 කදී සියලූ දෙනා දැවී 240

(ජහුරුල් ස්ලාම් 33, මොහොමඞ් අෂ්රාෆුල් 16, මොමිනුල් හක් 64, නසීර් හොසේන් 48, සොහග් ගෂි 32, රංගන හේරත් 68/5, නුවන් කුලසේකර 54/3)

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 4 කදී කඩුලූ 1 ට 18

(දිමුත් කරුණාරත්න නොදැවී 12)

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)