බංගලිදේශයෙන් දෙකෝටියක කුඩු ගෙනල්ලා


රුපියල් කෝටි දෙකක්  පමණ වටිනා හෙරොයින් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන  මෙරටට පැමිණි බංගලිදේශ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය  ඒකකය මගින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු 38 වියැතිය. ඔහු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 508 දරණ ගුවන් යානයෙන් බංගලිදේශයේ ඩකා නුවර සිට මෙරටට පැමිණ තිබේ.

ඔහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක  මෙම හෙරොයින් තොගය සගවා තිබු බව  පොලීසිය කියයි.

අත් අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 400 කි.

සැකකරු නිමාඩුවක් ගත කිරීමේ මුවාවෙන් මෙරටට පැමිණ ඇති බව කරණ ලද විමර්ශණ වලින් අනාවරණය වී ඇත.