බංගලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට සත් වසරක සිරදඬුවමක් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ.
ඒ පුණ්‍ය අරමුදලකින් ඩකා මිලියන 31.5 ක මුදලක් අවභාවිතා කිරිම හා බලය අයුතු ලෙස භාවිතා කිරිමට එරෙහිව ඇයට චෝදනා එල්ල වී ඇත.
බංගලාදේශයේ ජාතික පක්ෂයේ නායිකාව වන 73 හැවිරිදි ඛලීඩා සියා වත්මන් අගමැතිනිය වන ෂික් හසීනාගේ ප්‍රතිවාදිනිය වේ.
සිය දුෂණ චෝදනාවන්ට ඛලීඩා දැනටමත් වසර පහක සිට සිරදඬුවම් විදින අතර අද (29) ප්‍රකාශයට පත් කළ දඬුවම් සමඟ වසර 12 ක් දක්වා සිරදඬුවම් කාලය ඉහළ යනු ඇත.
(28535)