බංගලි මගියාගේ මල්ල කටුනායකදි පත්තුවේ


බංගලිදේශයේ සිට ලංකාව හරහා මාලදිවයින  වෙත යෑමට ආ මගියකුගේ බෑගය කටුනායකදී පරීක්ෂා කරද්දී එහි තිබුණු වෙඩිබෙහෙත් සහිත ඉටිපන්දමක් පත්තුවී ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි කියයි.

පස්වරු 5.20ට ලංකාවට ආ එම් ජේ 502 දරණ මිහින් ලංකා ගුවන් යානයේ පැමිණි එම බංගලිදේශ ජාතිකයා එම් ජේ 117 දරණ මිහින් ලංකා ගුවන් යානයෙන් මාලේ බලා පිටත් කළ හැරි බව ද එම ආරංචි සඳන් කරයි.

ගිනි ඇවිලෙන සුළු කිසිවක් ගුවන් යානයක ගෙන යෑමට නොහැකි බවත්, එය ප්‍රශ්නයක් බවත් ගුන්තොටුපොල ආරංචි කියයි.

යුද්ධ වල දී අඳුරට ආලෝකය ලබා ගැනීමට මෙවැනි දෑ පාවිච්චි කරන බව ආරක්ෂක අංශ ආරංචි කියයි.

(ඡායාරූපය ප්‍රසාද් මුතුකුඩ)

photo(2)