බංගලි බෞද්ධයන් රකිනු : බංගලි හිමිවරු කොළඹ උද්ඝෝෂණයේ


බංගලිදේශයේ බෞද්ධයන්ට හා බෞද්ධ භික්ෂූන්ට සිදුවන අන්තවාදී බලපෑම්වලට එරෙහිව චිතගොං කඳුකර මහා සංඝරත්නයේ අත්සනින් යුත් පෙත්සමක් අද(18) කොළඹ බංග්ලිදේශ තානාපති කාර්යාලයට බාර දීම සිදුවිය. බංග්ලිදේශ භික්ෂූන්වහන්සේලා 40 නමක් බෞද්ධාලෝක මාවතේ සිට තානාපති කාර්යාලයට පාගමනින් වැඩම කළහ.

බෞද්ධයන් බහුතරයක් වෙසෙන බංග්ලිදේශයේ චිතගොං කඳුකරයේ රංගමති හා කග්ගච්චරී දිස්ත්‍රික්කයන්හි පසුගිය 15 හා 16 දිනවල සංවිධානාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විසින් ගම්මාන 3 ක් ගිනි තබා නිවාස 50කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇතැයිද අවුරුදු 14 ක දැරියක කෙලෙසා මරා දමා ඇතැයිද ඒ හිමිවරුන් තානාපති කාර්යාලයට බාර දුන් සංදේශයේ දැක්වේ.

මැර කණ්ඩායම් පසුපස ඇතැම් රාජ්‍ය  නිලධාරීන් හා බංග්ලාදේශ හමුදාවේ පිරිස්ද සිටින බවත් එරට බෞද්ධයනට  ඔවුන්ගෙන් රැකවරණ නොලැබෙන බවත් බංගලිදේශ හිමිවරු කියති.

20141218_144357 20141218_145432 20141218_145450 C360_2014-12-18-15-05-48-097 C360_2014-12-18-15-06-14-336 C360_2014-12-18-15-06-54-139