බූස්ස කඳවුරේ රඳවා සිටි බංගලිදේශ ජාතිකයින් 61 දෙනෙකු මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 501 දරණ ගුවන්යානයෙන් අද මෙරටින් පිටුවහල් කළ බව ආගමන විගමන පාලක ප‍්‍රත්‍යන්ත හා විසා කටයුතු එම්.එන් රණසිංහ මහතා කීවේය.
මෙලෙස පිටුවහල් කළ වූවන් අතර පිරමි හැටක් ක් කහ එක් කාන්තාවක් වූහ.
මොවුහු මිට මාස එකහමාරකට පමණ පෙර මුහුදේදී අත්අඩංගුවට පත් වූවෝ වෙති.
ආගමන විගමන පාලක ජනරාල් චූලාන්නද පෙරේරා මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පාලක විමර්ශන ආර්.එස්.එන් රාජපක්ෂ මහතාගේ අධීක්ෂනය යටතේ පිටත්වීමේ පර්යන්තයේ ඊයේ රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ස්කන්ධ රාජා සහ ජයන්ත රත්නායක යන මහත්වරුන් විසින් මොවුහු පිටුවහල් කිරීමට අදාල කටයුතු කරනු ලැබූහ.