තරග 36 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්වී තිබේ. රෝයල් චැලෙන්ජර්ස් පිල තරග 8 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයගෙන සිටී. කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද තරග 8 කට සහභාගීවී ඉන් තරග 6 ක් ජයග‍්‍රහණය කර ඇති හෙයින් ප‍්‍රසාද ලකුණු සටහනේ මුල් තැන සඳහා ඇත්තේ තියුණු තරගයකි.
කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල තරග 8 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයග‍්‍රහණය කරමින්ද, රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල තරග 7 කට සහභාගීවී ඉන් තරග 4 ක් ජයග‍්‍රහණය කරමින්ද ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවෙති.
බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිලේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින අතර ඔහු තරග 8 කදී ලකුණු 432 ක් රැස්කරගෙන තිබේ. පූනේ වොරියර්ස් පිලට එරෙහිව තරගයකදී රැස්කළ වේගවත් ශතකයත් (නොදැවී 175) සමගින් ගේල් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්විය.
වැඩිම කඩුලූ ලාභියා වන්නේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලේ පා දග පන්දු යවන්නා වන අමිත් මිශ්රාය. ඔහු තරග 8 කදී කඩුලූ ති‍්‍රත්වයක්ද ඇතුලත්ව කඩුලූ 14 ක් දවාගෙන තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඞ්වේන් බ‍්‍රාවෝ උඩපන්දු 10 ක් රැකගෙන වැඩිම උඩපන්දු රැකගත් කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවෙයි.
පූනේ වොරියර්ස් පිට එරෙහිව මිශ්රාගේ හොඳම පන්දු යැවීම සටහන් වූයේ 4-0-19-4 ක් වශයෙනි.
කණ්ඩායම | තරග | ජය | පරාජය | විසඳුමක් නැති | ප‍්‍රසාද ලකුණු | සාමාන්‍ය |
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් | 8 | 6 | 2 | 0 | 12 | 1.254 |
චෙන්නායි සුපර් කිංග්ස් | 8 | 6 | 2 | 0 | 12 | 0.591 |
සන්රයිසර්ස් හයිද්‍රාබාද් | 8 | 5 | 3 | 0 | 10 | -0.112 |
රාජස්ථාන් රෝයල්ස් | 7 | 4 | 3 | 0 | 10 | 0.588 |
කිංග්ස් XI පංජාබ් | 8 | 4 | 4 | 0 | 8 | 0.217 |
මුම්බායි ඉන්දියන්ස් | 7 | 4 | 3 | 0 | 8 | -0.135 |
කොල්කටා නයිට්රයිඩර්ස් | 8 | 3 | 5 | 0 | 6 | 0.072 |
පුනේ වොරියර්ස් | 8 | 2 | 6 | 0 | 4 | -1.476 |
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 8 | 1 | 7 | 0 | 2 | -0.954 |
(*)