ප‍්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ එක් දින වැඩමුළුවෙන්


ශී‍්‍ර ලංකා ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය විසින් ප‍්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා සංවිධානය කරනු ලැබූ එක් දින වැඩමුළුවක් සහ සෞඛ්‍ය පරීක්ෂණයක් පසුගියදා ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවැත්විණ. මෙම වැඩමුලූවට ප‍්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 70 ක් පමණ සහභාගීවූහ.

උපතිස්ස ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කී‍්‍රඩා දේශකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීම සඳහා නව උපක‍්‍රම හදුන්වා දෙමින් දේශන පැවත්වන ලදි. කී‍්‍රඩා වෛද්‍ය උපදෙස් සහ අනතුරු වළක්වාගැනීම පිළිබඳව දේශනය වෛද්‍ය සීවලී ජයවික‍්‍රම මහතා පැවැත්වීය.

2009 වසරේ ලෝක ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා ශූරතාවලිය නියෝජනය කරමින් මීටර් 400 ඉසව්වේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදුන් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ ගාමිණී වීරසිංහ මහතා මෙහි සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහසභාගීවිය. සමාප්ති උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂක ශාන්ත වීරසිංහ මහතාය.


1 - සෞඛ්‍ය පරික්ෂණයේදී ප‍්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊ. සී. ජී. පරික්ෂණයට මුහුණදෙන අයුරු...

 

 

 

 

 


 

 

 

 

 

 

 

2 - ප‍්‍රධාන ලේකම් තිස්ස සමරසිංහ මහතා සහභාගී වූ පිරිස අමතමින්...