ශ්‍රී ලාංකික අනන්‍යතාවය නියෝජනය වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන පැරීසියේ ජීවත්වන ලාංකිකයන්ගේ සංවිධාන හා පැරීසියේ විවිධ සමාජ මෙහෙවරෙහි පෙරමුණ ගත් අතීත හා වර්තමාන ක‍්‍රියාකාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ සංවිධානයක් ගොඩ නැඟීම සදහා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයය පෙරමුණ ගනියි. ජාතීන් අතර සහජීවනය ඇති කිරීමත් ඒ සදහා සියලූ දෙනාගේ එකමුතුවක අවශ්‍යතාවයද ඒ මගින් ගොඩ නැගෙන ශක්තිය එකම ජාතියක් පෝෂණය කිරීමට බෙහෙවින් ඉවහල් වන බවත් පසුගිය දිනක පැවැති හමුවකදී මහාචාර්ය කරුණාරත්න හගවත්ත මහතා පැවසීය.
මේ අනුව මහාචාර්ය හඟවත්ත මහතාගේ ඇරයුම හා උපදෙස් අනුව මෙහි මුලික කටයුතු ඇරැඹිණි.ඊට සමාන්තරව ඔක්තෝබර් මස 26 වෙනි සෙනසුරාදා සවස හතරට තානාපති කාර්යාලයේ දි විශේෂ හමුවක් පැවැත්වීමට ද යයි.
ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට අනුබද්ධිත පැරිස් යුනේස්කෝවේ විදේශ හා සංස්කෘතික කටයුතු භාර ලේකම් කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය හා තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තක, පැරීසියේ ධම්මචක්ක දහම් පාසැලේ ආචාර්ය සෝමපාල විජේසිංහ මහතා ඉහත සංවිධාන කටයුතු බාරව කටයුතු කරති .