පෞද්ගලික රෝහලේ එන්නතකින් පසුව බිරිය මියගියැයි සැමියාගෙන් පැමිණිල්ලක්


(ජේ.ඒ.එල්.ජයසිංහ)

ශල්‍යකර්මයක් සඳහා  මහනුවර  ප්‍රදේශයේ  පෞද්ගලික රෝහලකට  ඇතුළත්  කළ 25 හැවිරිදි තිදරු මවක එන්තක් ලබා දීමෙන් පසු  මිය ගිය බව කියමින්  ඇගේ සැමියා  පැමිණිලි කර  ඇතැයි  කටුගස්තොට  පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව කටුගස්තොට  පොලිසියට  ලද පැමිණිල්ල අනුව කටුගස්තොට  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත්  චන්ද්‍රෙස්කර  බණ්ඩාර  මහතා  විසින් ද පරික්ෂණයක්  ආරම්භ කර ඇත.