පෞද්ගලික රෝහල්වලට නව නීති


පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපාංගවල මිල ගණන් සඳහන් කළ බිල්පත් නිකුත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය එම පෞද්ගලික රෝහල් කලමනාකාරිත්වයට දැනුම් දී තිබේ.

ඇතැම් පෞද්ගලික රොහ්ල්වලින් රෝගීන්ට ලබා දෙන බිල්පත්වල ඖෂධ හා වෛද්‍ය උපාංග වලට අධික මිලගණන් සඳහන් කර ඇති බවට ලැබුණු පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මෙම නව පියවර ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ ඒ එම් ඩග්ලස් මහතා කියයි.

ඒ අනුව රෝගියා භාවිත කළ සියලු පහසුකම් සඳහා අය කෙරෙන ගාස්තුව වෙන වෙනම බිල්පත්වල සඳහන් කළ යුතු වේ.

ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කරන බව එම අධිකරිය සඳහන් කරයි.