පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යෙන් සිදු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම තීරණයට එරෙහිව පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණද එය අනිවාර්යයෙන් සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් මෙන්ම සේවාවක් වන බවත් පෞද්ගලික රෝහල් ගෙන යන අක්‍රමිකතා මුළුමනින්ම නතර කිරීම සඳහා මෙවැනි පියවරක් ගත යුතුව ඇතැයිද කීවේය.
වර්තමානයේ රජයේ රෝහල් සමග පෞද්ගලික රෝහල් තරඟ කරන බවත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට සියළු පහසුකම් රජයේ රෝහල්හි ඇති බවත් ආමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඒ වෙනුවෙන් සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන අයුරින් ඔසුසල බැගින් ඇරැඹිමට උපදෙස් ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රටතුළ ඇති කරීමට සැමවිටම ක්‍රියා කරන බවද සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ශාඛා 39 ක් ක්‍රියාත්මක වන අතර, නියෝජිත ඔසුසල 48 ක් ද, වරලත් ඔසුසල 103 ක් ද, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.
(36698)
පෞද්ගලික රෝහල් නියාමනය කරනවාමයි
Recommended Articles