
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලඹේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රන් භාණ්ඩ සොරාගෙන රුපියල් කෝටි හතකට ආසන්න වටිනා මුදලක් වංචා කළ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එම ආයතනයට පාරිභෝගිකයන් විසින් උගස් තබා ඇති රන් භාණ්ඩ සැකකරු විසින්ම ඉතා සූක්ෂම ලෙස සේප්පුවලින් සොරාගෙන වෙනත් ආයතන වලට උගස් තබා ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය විමර්ශන අංශ (1) මගින් සිදුකළ විමර්ශනවලදී ඒ අයුරින් සැකකරු රුපියල් 66,504,722.57 ක් වටිනා රන් භාණ්ඩ සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි අනාවරණය වී ඇත

