පෞද්ගලික බස් සේවකයෝ වව්නියාවේදී විරෝධතාවක


වව්නියාවේ පැරණි බස් නැවතුම්පොළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඉවත් කරගෙන නව බස් නැවතුම්පොළට නොගියැයි ඒ නවය මාර්ගය වව්නියාව නගරයෙන් හරස් කරගෙන් පෞද්ගලික බස් රථ සේවකයෝ විරෝධතාවක් ඇරැඹූහ.

මේ නිසා ඒ නවය මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබේ.

විරෝධතා පවත්වන පෞද්ගලික බස් සේවකයෝ පිරිසක් ශ්‍රීලංගම බස් රථ කිහිපයකට පහර දුන්හ. මේ නිසා අක්කරේපත්තුව- යාපනය බස් රථයට හා වව්නියාව යාපනය බස් රථයට අලාභ හානි සිදු විය.

අද දහවල් 11.15 වන විටත් විරෝධතාවය අවසන් වී නොතිබිණි. බස් නැවතුම්පොළ අසල කඩ සාප්පු වසා දමා තිබේ. ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ පාරේ මං තීරු දෙක හරස් කර ගසා තිබේ.

වව්නියාව නව බස්නැවතුම්පොළ ඊයේ විවෘත කරනු ලැබුවේ ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

(6)[1] (10) (14)[1] (25)[1] (30)[1] (32)[1]