පෞද්ගලික බස් රියැදුරාට බර දඩුවම් :තුවාලකරුවන්ටත් වන්දි


අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල  සිදු  වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතුල ජයවීරගේ රියදුරු බලපත්‍රය වසරකට අත් හිටැවු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා වන්දි ඉල්ලු තුවාලකරුවන් 11 දෙනකුට රුපියල් දෙලක්ෂ තිස්දහසක් ගෙවන ලෙසද පොදු දේපළ හානිය වෙනුවෙන් රුපියල්  ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන ලෙසද නියම කළේය.

බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය.