පෞද්ගලික ජල මූලාශ්‍රවල තොරතුරු රැස්කරයි


නියගය තවදුරටත් පැවතුනහොත් ඇතිවිය හැකි ජල අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍යතාවය පරිදි පෞද්ගලික ජල උල්පත් රජයට පවරා ගැනීමට සිදුවන බැවින් ඊට අදාළ තොරතුරු එක් රැස්කර ගන්නා ලෙස බස්නාහිර පළාත් සභා මහ ඇමැති ඉසුරු දේවපි‍්‍රය මහතා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

නියගය නිසා ජල ප‍්‍රශ්නයෙන් වඩාත් පීඩාවටපත්ව ඇත්තේ කළුතර දිස්ති‍්‍රක්කයේ ජනතාව වන අතර ඉදිරියේදී මෙම තත්වය අනෙකුත් දිස්ති‍්‍රක්කවලටද බලපෑමට ඉඩ ඇති බැවින්  පානීය ජලය බෙදා හැරීම සදහා අවශ්‍යකරන ජල බවුසර් හා ජල ටැංකි  ලබා ගැනීම සදහා ටෙන්ඩර් කැදවා සුදානම් වන ලෙසත් මහ ඇමැතිවරයා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.