
(විනීතා එම් ගමගේ)
මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවැති ජාතික කම්කරු උපදේශක සභාවේ දී යෝජනා කර ඇත.
එම යෝජනාවට වෘත්තිය සමිති සහ හාම්පුතුන්ගේ සම්මේලනය එකඟතා දැක්වු බව කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් අනාගතයේ ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැකි බැවින් මෙම යෝජනාව කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
සියලු පාර්ශව වල එකඟතා පළ වූ බැවින් ඊළඟ ජාතික කම්කරු උපදේශක සභාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා කීවේ යැයි ද ඉන් පසු අදාල නෛතික ප්‍රතිපාදන සකස්කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

