පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලදී ගැනීමට යයි


ඉදිරි වැසි කාලය වන තුරු විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල සැපයුම අඛණ්ඩවපවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලට ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කීවේය. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණ දීම සඳහා දැවිතෙල් විදුලි බලාගාර තුනක් සමඟ ඇති ගිවිසුම් තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ද පසුගිය දා කැබිනට් අනුමැති ලබා දුන්නේය. සීමාසහිත ඒසීඊ පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගම, සීමාසහිත ඒසීඊ පවර් ජෙනරේෂන් මාතර පෞද්ගලික සමාගම සහ සීමාසහිත හෙළදනව් පෞද්ගලික සමාගම එම සමාගම් තුනයි.

පවතින නියං තත්ත්වය සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය කියයි. මෙම තත්ත්වය ජල විදුලිය නිශ්පාදනයට තදින්ම බලපා ඇතැයි  ද විදුලි බල අමාත්‍යංශය පවසයි.

ජල විදුලිය උත්පාදනයට දායක වන ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම 50% වඩා අඩු වී  තිබේ.

මාවුස්සාකැලේ ජලාශයේ මේ වන විට ජල මට්ටම   39.1% දක්වා පහත බැස ඇති අතර කාසල්රී ජලාශයේ ජල මට්ටම   53.1% දක්වා පහත වැටී තිබේ. කොත්මලේ ජලාශයේ ජල මට්ටම   42.4% දක්වා ද, වික්ටෝරියා ජල මට්ටම   26.5 %දක්වා ද, රන්දෙනිගල ජල මට්ටම 46.4% දක්වා ද පහත වැටී තිබීම ද ජල විදුලිය උද්පාදනය කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.

පහතින් දැක්වෙන්නේ ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදා ගෙනන ප්‍රධාන ජලාශ හයක ජල ධාරිතාව හා දැන ඇති ජල මට්ටමයි..

  ජල ධාරිතාවය  (ඝමිමී)  අද වන විට තත්ත්වය (ඝමිමී) සක්‍රීය ධාරිතාව
මාවුස්සාකැලේ 123 47.2 39.10%
කාසල්රී 48.3 23.7 53.10%
කොත්මලේ 172.9 63.9 42.40%
වික්ටෝරියා 723 182.6 26.50%
රන්දෙනිගල 861.4 217.2 46.40%
සමනල වැව 278 52.9 24.30%

(ධාරිතාව සඳහන් වන්නේ ඝන මීටර මිලියන වලිනි.)

jalasha-1

01(55) 02(40)