නව රජයේ අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (12) පැවැත්විණි.
රජයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් වන තමන්ටද සහන ලබා ගැනීමේ අයිතියක් ඇති බවත් වහාම එම සහනය ලබා දෙන ලෙස ඉල්ලා හාම්පුතුන්ට බල කරන නීතී ගෙන එන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.




