පෝෂණ ඉවතට මාරක පෙත්ත ඇතුළට


ගබ්සා පෙති තුන් දහස් එතසිය අසූවක්  රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කර්‍යංයංශ නිලධාරීන් විසින් අද  අත්අඩංගුවට ගනු ලැබීය.

 සැකකරු කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

අද උදෑසන පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ  නිලදාරීන් විසින් සැකකරු පිළිබඳව කරන ලද මුලික විමර්ශනවලින් අනතුරුව ගුවන් තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු මෙම ගබ්සා පෙති තොගය  ළදරු පෝෂණ   පැකට්  තුළ බහා මෙරටට ගෙනවිත් ඇති බවයි.

මේ පිළිබඳ රේගු පරික්ෂනය සිදුකළ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරි බද්ධන මහතා විසින්  සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර එම ගබ්සා පෙති තොගය රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලදාරීන් විසින් සිදුකරනු ලැබීය.